හැඩවෙච්ච පුරවරක අව්වෙ කරවෙන
සෙබළු
කන්න බොන්නට නැතුව ගම් දනව් වල කදුළු
රජ කරන පවුල් වල කුදු ගැහුණු උන්
මහළු
ස්ටේජ් උඩ ඉදන් සමරන්නෙ නිදහස
ලු
ණයට ගත් සොච්චමෙන් හදාගෙන මහ කුළුණු
තෙල් නැතුව නැවතිලා ලංවීම පණ
ගැහුණු
පකිස්ථානෙන් ගෙනා සුදු හාල් රහ
රැදුණු
නිදහසේ කිරිබතට කාබනික රතු
ළූණු
මිග්වලින් සයුරලින් යුධටැංකි හැඩකෙරුණු
දෙද්දි ඒ අත්වලින් මව්බිමේ
පණ රැදුණු
Audi යෙන් බැස ඇවිත් වෙඩි මුරේ සිරි බලනු
පොර ටෝක් වංසයේ ඇමරිකන් දුටුගැමුණු !!!
- 2022 නිදහස් සැමරුම
Comments
Post a Comment