~~ ජනහිතකාමී ඔවුහු ~~

                       @imageCopyrights - BBC
ඊයේ රෑ ගෙදර එනකොට එක යුද්දයයි, පාරේ මිනිස්සු වට වෙලා රතිඤ්ඤා පත්තු කරනවා, සින්දු කියනව. ගෙදර ඇවිත් ටීවී එක දැම්මම මහින්ද අගමැතිලු. පුදුම සතුටක් ජනතාවට. සාධාරනයක් තියනව, මොකෝ තිබුන ආණ්ඩුවෙන් කියල උන දෙයක් නෑනේ. එත් ඉතින් tv එකේ අදහස් දක්වපු මන්ත්‍රීල එපයි බලන්න. ගම්මන්පිල, වීරවංස, බන්දුල වගේ දේශමාමක මිනිස්සු, පහුගිය ටිකේ මයිත්‍රිට බල්ලට වගේ බැනපු මිනිස්සු කතා කරපු ලස්සන. ඒ කතාවල හරය, ඒ මිනිස්සු බැනල තියෙන්නේ මිනිස්සුන්ට සේවයක් කරන්න අවස්ථාවක් නොදුන්නට, අපි තේරුන් අරන් තියෙන්නේ වැරදියට. අද ඉදන් දිවා රෑ නොබලා කැප වෙනවා කිව්වා රට හදන්න. ඇත්ත, මෙහෙම අපි වෙනුවෙන් කැප වෙන්න බලාගෙන ඉන්න මිනිස්සු ටිකක් අවුරුද්දකට හරි පත් කෙරුවට ජනාධිපති මාමට පින්. 

වෙලාවකට හිතෙනවා මේවා අපිට හොද පාඩම් කියල, මිනිස්සු වැරදි කරා කියල අපි එයාල එක්ක දිගටම තරහ වෙලා ඉන්න එක නෙමේ වෙන්න ඕනේ, ඉගන ගන්න දේවල් තියනව රටේ අගමැතිගෙනුයි, ජනාධිපතිගෙනුයි, කොච්චර ලස්සනද. හිතන්නවත් පුලුවන්ද කාලයක් තරහ වෙලා හිටපු මිනිස්සු දෙන්නෙක් කියල? පත්වීම බාර ගන්නකොට දෙන්නගේ මුනේ හිනාව, ඒ සුහද බව. සහෝදරයෝ දෙන්නෙක් වගේ. කලින් බැන ගතපුව අමතක කරලා, හැමෝගෙම අත අල්ලලා සුහදව එකතු උනේ කොච්චර ලස්සනටද? හිතපල්ලා කවුරු වෙනුවෙන්ද? ඒ මිනිස්සු පරණ තරහ මරහ අමතක කරලා අපි වෙනුවෙන් එකතු උනානම් ඇයි අපිට බැරි? 

දැන් ඉතින් රට ගැන හිතන නායකයෝ පත් උනා, මට නම් වැඩි බලාපොරොත්තු නෑ, කලින් රනිල්ගේ ආණ්ඩුවෙන් හෙජින් එකට සම්බන්ද  උන්ට, ඇවන්ගාඩ් එකට සම්බන්ද උන්ට හරි පරීක්ෂණ තියල දඩුවම් දුන්න වගේ, බැදුම්කරේට සාදාරන පරීක්ෂණයක් තියල වැරදි කාරයොන්ට, රටේ මිනිස්සුන්ගේ සල්ලි තමන්ගේ ඒවා කියල හිතන් ඉදපු උන්ට දඩුවමක් දුන්නොත් ඇති. එක අතකට අපේ රටේ මිනිස්සු හරි වාසනාවන්තයි කාගේ උනත් වැරදි වලට තරාතිරම නොබලා දඩුවම් දෙන ආණ්ඩු පත් වෙනවා ලංකාවේ. 

දේශපාලනේ කියන තැනට ආවම මිනිස්සු උන් හරි ගොන් වෙනවා, උන්ගේ අම්ම තාත්ත චන්දෙ දීපු උන්ටම චන්දෙ දෙන උන් තමයි 85% ක් මේකේ ඉන්නේ, ඉතුරු ටික සුළු ජාතික චන්ද, කැලෑවක් කපල ගෙයක් හදාගන්න ඉඩ දෙන එහෙමත් නැත්තන් උන්ටම කියල රටෙන් කෑල්ලක් ලියල දෙන්න කැමති එකෙක් ඉන්නවනම් අන්න උන්ට තමයි ඒ ටික හම්බෙන්නේ කියල මන් හිතන් ඉදියත් අන්තිමට ඔක්කොම වැරදි නිවැරදි කරන මනුස්සයෙක් උඩම පුටුවේ ඉන්නවා. මිනිස්සු මොන විදියට චන්දෙ දුන්නත්, මොන දුශිතයට, කැලෑ පාලුවට චන්දෙ දුන්නත් උන්ව අයින් කරලා රටට ආදරේ කරන මිනිස්සු තෝරාගෙන ආණ්ඩු පත් කරගන්න තරන් අපේ ජනාධිපති විශිෂ්ටයි. දැන් නම් දෙය්යනේ කියල මහා මැතිවරණ ඕනේ නෑ, ජනාධිපතිට පුළුවන් ඉතුරු පත් කිරීම් ගැන බලාගන්න. කෝටි කීයක නම් ඉතුරුවක්ද දෙයියනේ.

කවුරු මොනවා කිව්වත් රවුෆ් හකීම්, බදුරුදීන්, තොන්ඩමන් වගේ රටේ අනාගතේ හදන්න කැප වෙච්ච් උන්ට නම් මේ ආණ්ඩුවෙනුත් තැනක් හම්බෙන්නම ඕනේ, මොකෝ උබලට මතක ඇතිනේ පහුගිය අවුරුදු 20ක් විතර එක දිගටම ඇමති කම් වල ඉදල ඒ මිනිස්සු කරපු සේවය?. මොන රජය ආවත් සහයෝගේ දීල රටට වැඩක් කරන්න කැක්කුමක් තිබ්බ ඒ මිනිස්සුන්ට ඇමති කම් නැත්තන් මේ ආණ්ඩුවෙන් නම් වැඩක් නෑ. අනිත් එක මිනිස්සුන්ගේ සර්වජන චන්ද බලෙන් ආපු SB මහත්තයටත් මොකක් හරිම දියන් මහින්ද මාමේ. අඩුම ගානේ රාජිතවත් ගනින්, කව්ද නැත්තන් මිනිස්සුන්ට රටේ වෙන දේ තෙරුන් කරලා දීල මාද්‍ය සාකච්චා තියන්නේ? 

රට කරන උන් මාරු උනාට සිස්ටම් මාරු වෙන්න නෑ කියල " සහෝදරයා " කිව්වට, ලංකාවෙ සිස්ටම් එකත් මාරු වෙනවා කාලෙන් කාලෙට හැබැයි එකම වචන ටිකක් ඇතුලේ, අටසිය පහලවේ පාවාදීමෙන් පස්සේ නාමමාත්‍රික ප්‍රජාතන්ත්‍රවාදයෙන් මර්දනයට එතනින් ආයෙත් දෙදාස් පහලවේ පාවාදීමට. ඒක තමයි ලස්සනම එක. එකෙන් තමා මේක පුංචි මුතු ඇටය කරලා තියාගන්නේ හැමදාටමත්.

Comments