Skip to main content
එකම පාරක දෙපිල බෙදිලා
සිටින විට මේ හන්දියේ
මුගුර අතහැර හිටියේ උබ
විතරක්නේ ඔය ලොකු ගැන්සියේ
සිවුර දැක බුදු පුතුන් සිහිවී
දෑත් එක් කල මල්ලියේ
ඇයිද සිතුවේ අපිද සතුරන්
ලෙසින් පෙර උන් වන්නියේ
ගැටළු ඇති බව දුටුවා දා සිට
හොදින් කියුවත් තුම්පනේ
හරක් රැල එය ගත්තේ නැහැ පිලි
නොකර බැහැ දැන් බීසනේ
දරණ මුත් කහ සිවුරු රැකුමට
උතුම් ඒ බුදු සාසනේ
ඉන්න බැහැ බොල යන්නේ මේ අපි
වෙන්නේ නැති තැන කාරණේ
පෙලට හිටගෙන උබේ ගැන්සිය
රැක ගන්න ඔය බෝඩරේ
පලයි උබගේම මල්ලි නංගිගේ
ඔලුව අරගෙන තෝමරේ
දුන්න උන් ඒ උබට ඕඩර
රත් කරන පුටු කාමරේ
ඉන්නේ රැකුමට උගේ පරපුර
නොවේ උබේ මගේ සනුහරේ
Comments
Post a Comment