~~ සිහින දකින්නට කාලය එළඹ ඇත ~~

   @copyrights - papare
ඉස්සර පුංචි කාලේ TV එකේ බැලුව මතකයි සුසන්තිකා දුවනවා සිඩ්නි ඔලිම්පික්, එකෙන් ටික කාලයක් යනකොට අපි යමක් කමක් තේරෙන වයසේ. ටික ටික හිතෙනවා ආයේ කවදාවත් ලංකාවේ එකෙක් global event එකක දකින්න තරම් මේ ඇස් පින් කරලා නැතුව ඇති කියල, අපේ උන්ට ලෝකේ අනිත රටවල උන්ට වගේ දුවන්න බැරුව ඇති කියල. තවත් ටික කාලයක් යනකොට හිතුන ක්‍රිකට් ඇරෙන්න වෙන එකක්වත් ලංකාවට හරි යන්නේ නෑ කියල. ටික ටික කාලේ ගෙවිල දැන් 2018 අවුරුද්දත් ඇවිල්ල. අපි ක්‍රිකට් වලින් පරදින්න පටන් අරන්. 

ඒත්,

track එකේ ඉගිල්ලෙන පොඩි කොල්ලෝ කෙල්ලෝ ටිකක් ඇවිල්ල, උන් සුසන්තිකාගේ, සුගත්ගේ වාර්තා එක එක කඩනවා. ලංකාවේ තාම හයිය තියන උන් ඉන්නවා කියල මුලින්ම අපි දැක්කේ SAJC එකේ, ඊළඟට Commonwealth, දැන් ටික දවසකට කලින් උන් ආයේ පෙන්නනවා ඔලිම්පික් වලත් තාම අපිට හීන දකින්න පුළුවන් කියල. පාරමී වසන්ති බාදක දිවීමෙන් ලෝකඩ පදක්කම ගන්නකොට  සෙනිරු ලෝකෙම්ම උස පැනල 4 වෙනියා, ඒ අස්සේ ශෙලින්ඩාගේ 200m 2nd heat එකේ video එක youtube එකේ හරි බලන්න තරම් අපි පින් කරලා තිබුන. 1st round එකේ 24.98 දුවපු කෙල්ල  2nd heat එකේ 24.08ට දිව්වේ කොහොමද කියන එක තාම හීනයක් වගේ. එව්වා එහෙම වෙද්දී අවුරුදු 12 දි 13 දි දුවන්න පටන් ගතපු බෝගොඩ නවතින්නේ ලෝකෙන්ම 7 වෙනියා වෙලා. 

ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා ලෝකෙම දිනන්න බලාගෙන, එත් උන්ට රටේ මහ එවුන්ගෙන් මොනවද හම්බුනේ? දිනුවට පස්සේ ලොකුවට උඩ දාගෙන පෙන්නන මාධ්‍ය මොනාද කරලා තියෙන්නේ? අපි මොනවද කරලා තියෙන්නේ? මේ රටේ ක්‍රීඩා කියල නමට අමාත්‍යංශයක් විතරයි තියෙන්නේ, අඩු ගානේ හොයල බලල තියනවද මුන් කන්නේ බොන්නේ කොහොමද කියල? පුහුණුවීම් කරලා ආවම වැටිලා නිදාගන්න ගෙයක් තියනවද කියල? බෝගොඩ මැච් එක ඉවර වෙලා ceylon sports එකට කියනව, පුහුණුවීම් කරන්න වෙලගෙදර ground එක ගන්නේ රණ්ඩු වෙලාලු. ඔන්න ඕකයි අපේ රටේ තත්වේ. එක අතකට ඉතින් Commonwealth එකට දාන form එකක් පුරවගන්න බැරි Olympic කමිටුවක් තියන රටක ක්‍රීඩා අමාත්‍යංශෙකින් අපි ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන එකත් ලොකු වැරද්දක්.

ලංකාවේ තියනව හැට හුටහමාරක් මාද්‍ය ආයතන. එත් ඔය මැච් වලින් කීයද ලයිව් පෙන්නුවේ? ඔය පදක්කම දිනන්න කලින් ලංකාවේ මිනිස්සු දන්නවද පාරමී වසන්ති කියන්නේ කව්ද කියල? ශෙලින්ඩා කියන්නේ කව්ද කියල?සෙනිරුට උස පනින්න පුළුවන් කියල? හැම දේම වැරදියට යන රටක ක්‍රීඩාව විතරක් හරියට යන්න විදියක් නෑ, එත් අපිට එකතු වෙලා ඒක හරි මගට ගන්න බැරි කමකුත් නෑ. රටේ වගකිවයුත්තෝ කරන්නේ නැත්තන් අපිවත් එකතු වෙමු, අපිට පුළුවන් විදියට උන්ට උදව්වක් කරමු. මේ ලංකාවේ අනාගතය, අපි ඒක පරිස්සන් කරලා ඉස්සරහට එන්න උදව්වක් කරේ නැත්තම් ඔය මල් ටිකත් ඔහොමම පර වෙලා යයි. ඊට පස්සේ අපි ආයෙත් හුල්ල හුල්ල ඉදිවී ආයේ කවද සුසන්තිකා කෙනෙක් පහල වෙයිද කියල. එකත් හරියට දියසේන කුමාරයා එනකන් බලන් ඉන්නවා වගේම වේවි............!

Comments