~~ පොඩ්ඩියේ ක්‍රිකට් Version ~~


                             @copyrights - Getty Images




රිලවෝ.............................................!

රිලවෝ ගිරව ගිරවාමයි තාම
වැරදුනේ තොපිටමයි ඌ වැඩ්ඩෙකි බෝම
වප් මහේ එංගලන්තෙන් කන දාක
සිරසත් ගිරවගෙන් ඉල්ලනවද ගේම

බඩේ වරද වී එළියේ උන්නානම්
වැඩේ කියන්නේ විකටුත් නෑ එහෙනම්
මාලිගෙ පිටේ නම පෙන්නුව වරදියිනම් 
අනේ නාකියෝ පලයන් උබ ගහපන්

බඩා කියා උබ එලියට දැම්මාට 
කතා කියන උන්ගේ මොන ෆිට්නස්ද
යකා වැහෙන්නට පෙර බලනා උන්ට
ලැබ්රෝයි එපා දීපන් මයියාට

දිනනා දාට මැච් එක බුකි ටික වැහිලා
බුකියේ ලොක්ක අණකර හොද උන් කැපුවා
KJP ටවත් OPEN එක නැතුවා
අපෙ සංගත් හතුරුට මේ ගැන කිව්වා

ෆිට්නස් කියා උන් මැතිවුස් වත් කැපුවා
උන්ගේ වැරදි හැම වෙන උන් පිට යැව්වා
ඇත්තට ටීම් එකටම බැනලා බැරුවා
පාලක මණ්ඩලෙත් එල හරකුන් ඇතුවා

බඩා කියා උබ එලියට දැම්මාට......!

Comments