~~ ගාලු පුරේ ~~


අහඹුවකින් මෙන් පෙර එක් දිනයක විගසින් නැවතත් යමියි           සිතා
පැමිණිය මට දැක ගාලු පුරේ සිරි කියනට හැකිවෙයි බොහෝ         කතා
සමනල පාලම මතින් ඇවිද ගොස් පෙම්බස් දොඩනට පැතුම්           පතා
මට මේ පුරවර ජන්මය නැත්තේ පෙර පවකටදෝ සිතුනි                 ඉතා

කොටුවට නැග්ගෙමි උමන් කටින් ගොස් ඇත්තද බැලුමට කියන    කතා
නෙත් සිත් මත්වෙන සුන්දර දසුනකි බොරුනම් බලපන් ඇවිත්        පුතා
වඩයක් හප හප මැච් එක බලලා දිවියලෝකයම මෙයැයි                සිතා
රැවටුණු එක පුදුමයක් නොවේ මේ දැනුමෙන් පොහොසත් මිනිස්    සතා

හදවත විමසයි සිටිනට නැවතී සතියක්වත් තව අසිරි                       විදන්
වටපිට සුන්දර හැඩතල මෙන්මැයි මිනිසුන් දුටුවෙමි සිනහ             මුවින්
හැම දේ සපිරුණු සොදුරු පුරක ඇති නෙත ගත පිනවන සුවය   සොයන්
එන්නෙමි දැකුමට නොදුටුව දේ ඇත ඉඩ ලැබුනොත් මම ඇසුරු සැණින්

Image credits to real author............!

Comments